Skip Navigation
The Endowment for Human Development
The Endowment for Human Development
Improving lifelong health one pregnancy at a time.
Donate Now Get Free Videos

Multilingual Illustrated DVD [Tutorial]

The Biology of Prenatal Development




ජන්ම පූර්ව සංවර්ධනය පිළිබඳ ජෛව විද්‍යාව

.සිංහල [Sinhala]


National Geographic Society This program is distributed in the U.S. and Canada by National Geographic and EHD. [learn more]

Choose Language:
Download English PDF  Download Spanish PDF  Download French PDF  What is PDF?
 

Chapter 41   4 to 5 Months (16 to 20 Weeks): Stress Response, Vernix Caseosa, Circadian Rhythms

සති 16කදී, කලලරූපයෙ උදරය තුල ඉදිකටුවක් ප්‍රවිෂ්ඨ කිරිමේ පියවරය තුලින් අණුකමය අසහනකාරී ප්‍රතිචාරයක් ඇතිවන අතර මොරාඩ්‍රෙනලයින් හෝ නෝපිනෙප්‍රයින් නම් පදාර්ථය රුධීරයට නිකුත් කරයි. මෙවැනි ආක්‍රමණකාරී පියවරයන්ට බිළින්දා හා වැඩිහිටියා එකසේ ප්‍රතිචාර දක්වයි.

ශ්වාසනළ පද්ධතීයේ, ශ්වසන ග්‍රන්ථී වෘක්ෂය දැන් පරීපූර්ණ බවට පත් වීමට යයි.

vernix caseosa, නමින් හැඳින්වෙන ශ්වේත පදාර්ථයක් දැන් කලලරූපය වසාලයි. වර්නික්ස් Vernix ඇමියොටික් දියරය මඟින් ඇති කරන කැසිලි ගතියෙන් සම ආරක්ෂා කරලයි.

සති 19 සිට කලලරූපයේ චලන, හුස්ම ගැනිමේ ක්‍රියා, සහ හෘදය වස්තුවේ අනුපාතය circadian rhythms යනුවෙන් හැඳින්වෙනදෛනික චරියාව අනුගමනය කිරිමට පටන් ගනියි.

Chapter 42   5 to 6 Months (20 to 24 Weeks): Responds to Sound; Hair and Skin; Age of Viability

සති 20ක් තුලදී කොහ්ලියා හෙවත් ශ්‍රවන ඉන්ද්‍රිය, සම්පූර්ණයෙන් වර්ධනය වු අභ්‍යන්තර කණ ලෙස වැඩිහිටියෙකුගේ ප්‍රමාණයට පත්වේ. මින් ඉදිරියට, කලලරූපය වර්ධනය වන ශබ්දවලට ප්‍රතිචාර දක්වනු ඇත.

හිසින් පහල කොටසට ද කෙස් වැවීමට පටන් ගනියි.

සෑම චර්ම ස්තර සහ නිර්මිතයන්, කෙස්වල කුහර ඇතුලු ග්‍රන්ථීන් දක්නට ලැබෙනු ඇත.

ගැබ්ගැනිමෙන් සති 21 සිට 22 අතර, පෙණහල්ලට සුලු වශයෙන් හුස්ම ගැනිම කළ හැකිය. ගර්භයෙන් පිට ජීවත් වීමට සමහර කලලරූපවලට හැකි වන බැවින් මෙය ජීවත් වීමේ කාලය හැටියට හඳුන්වනු ලැබේ. වෛද්‍ය විද්‍යාවේ දියුණුවේ සාර්ථකත්වය නිසා මේරීමට පෙර ඉපදෙන බිළින්දාන්ගේ ජීවිත ආරක්ෂා කිරිමට හැකි වී ඇත.


Add a Comment

Your Name: Log In 3rd-party login: Facebook     Google     Yahoo

Comment: