Skip Navigation
The Endowment for Human Development
The Endowment for Human Development
Improving lifelong health one pregnancy at a time.
Donate Now Get Free Videos

Multilingual Illustrated DVD [Tutorial]

The Biology of Prenatal Development




ජන්ම පූර්ව සංවර්ධනය පිළිබඳ ජෛව විද්‍යාව

.සිංහල [Sinhala]


National Geographic Society This program is distributed in the U.S. and Canada by National Geographic and EHD. [learn more]

Choose Language:
Download English PDF  Download Spanish PDF  Download French PDF  What is PDF?
 

The Fetal Period (8 Weeks through Birth)

Chapter 37   9 Weeks: Swallows, Sighs, and Stretches

කලලරූපී කාලපරිච්ජේදය ඉපදීම දක්වා පවතී.

9 වන සතියෙදී මාපට ඇඟිල්ල ඉරීම පටන් ගන්නා අතර කලලරූපයට ඇමියොටික් දියරය ගිලින්නට පුලුවන.

කලලරූපයට කිසියම් ද්‍රව්‍යයක් අල්ලා ගැනිමටද පුලුවන් වන අතර හිස එහා මෙහා කරන්නටත්, හකු වැසීම හා විවර කිරීම, දිව සැලවීම, හුස්ම ඇදීම, සහ අත පය දිග හැරීමට කළ හැකිය.

මුහුණේ සංවේදී නහර, අතේ අත්ල, පයේ පතුල යන මේවාට හෙමින් කරන ස්පර්ශය දැනිය හැකිය.

වි එසේ හෙමින් කරන ස්පර්ශයට ප්‍රතිචාර දැක්විමක් වශයෙන් බිළින්දාවි උකුල සහ දණහිස නමන්නටත්, මෙන්ම පයේ ඇඟිලී වකුටු කරන්නටත් පුලුවන.

අක්ෂී කුප දැන් මුලුමණින්ම වැසී ඇත.

උගුරේ ඉහල කොටසේ, වාචික අස්ථීබන්ධය බිහි වීම වාචික දණ්ඩයේ සංවර්ධනය පෙන්නුම් කරලයි.

ගැහැණු කලලරූපයේ, ගර්භාෂය සහ නොමේරුණු ඔගොනියා oogonia යනුවෙන් හැඳින්වෙන ගර්භාෂයතුලම බිහි වන ශෛල හැඳිනාගත හැකය.

බාහිර ජනනේන්ද්‍රිය පිරිමි හෝ ගැහැණු හෝ බව ඒවායෙන්ම වෙන් කොට දැනගත හැකිය.

Chapter 38   10 Weeks: Rolls Eyes and Yawns, Fingernails & Fingerprints

සතී 9 සහ 10 තුල ඇති වන වර්ධනය වීම මඟින් ශරීරයේ බර 75%කින් වැඩි කරලයි.

10 වන සතීයෙදී , ඉහල ඇහි බැම බලවත් වීම ඇස පහලට කැරකවීමට බලපායි.

බිළින්දා නිතරම ඈණුම් අරින අතර නිතරම කට ඇරීම හා වැසීම කරයි.

බොහෝ බිළිඳුන් තමන්ගේ දකුණු අතේ මාපට ඇඟිල්ල උරා බොයි.

අම්බිලිකල් දණ්ඩේ බඩවැලේ සමහර අංශ අසාමාන්‍ය උදරමර කුහරයන් වෙත නැවත හැරී එයි.

බොහෝ අස්ථීන් ඇට බවට පත්වෙමින් පවති

අතැඟිල්ලේ නියපොතු සහ පාදැඟිල්ලේ නියපොතු වර්ධනය වීම පටන් ගනීයි.

ගැබ්ගැනිමෙන් සතී 10කට පසු විශීෂ්ඨ ඇඟිලි සලකුණු දිස් වන්නට වේ. මෙම ක්‍රමය ජීවිතය පුරා හැඳිනාගැනීම සඳහා යොදා ගත හැකිය.

Chapter 39   11 Weeks: Absorbs Glucose and Water

සතී 11හේ දී නාසය සහ තොල් සම්පූර්ණ වශයෙන් පිහිටේ. ශරීරයේ වෙනත් සෑම අංගයන් මෙන්, මුලු මිනිස් ජීවිත කාලයේ සෑම අවස්ථාවකදීම පෙනුම වෙනස් වනු ඇත.

බඩවැල් බිළින්දා විසින් ගිලිනු ලබන ග්ලුකොස් සහ ජලය උරා ගැනිමට පටන් ගනියි.

ගැබ් ගන්නා අවස්ථාවෙදීම ලිංගය හැඳිනා ගැනිමට හැකි වුවද, බාහිර ජනනේන්ද්‍රිය මඟින් දැන් පිරිමි ද ගැහැණු ද බව වෙන් කොට හැඳිනාගත හැක.

Chapter 40   3 to 4 Months (12 to 16 Weeks): Taste Buds, Jaw Motion, Rooting Reflex, Quickening

සති11 සහ 12 අතර, කලලරූපයේ බර අවම වශයෙන් 60%කින් වැඩි වෙයි.

සතී 12 ගර්භනීබවේ ප්‍රථම තෙවන නැතිනම් තෙවන වාරයේ අවසානය සලකුණු කරයි.

පැහැදිලි රස අංකුර දැන් කට තුල වසා පවති.
උපතේදී, රස අංකුර දිවේ සහ කටේ ඉහල කොටසේ පමණක් පවති.

අශුචි පිට කිරීම සති 12ක් තුල සිදු වන අතර සති 6ක් පමණ දිගටම පවති.

අලුතින් බිහි වන බිළින්දා විසින් ප්‍රථම වරට පිට කරන ද්‍රව්‍යය මෙකොනියම් meconium යනුවෙන් හැඳින්වේ. එය දිරවීම් මාර්ගය මගින් පිට , කරනු ලබන දිරවිය හැකි එන්ජයිම,ප්‍රෝටින්, සහ මළගියා වු ශෛල සංයෝගයකි.

සතී 12ක් තුල, ඉහල ගාත්‍රාවල දිග ප්‍රමාණය එහි අවසාන ප්‍රමාණයට වැඩෙන අතර ශරීරයේ ප්‍රමාණයට සමාන වේ. පහල ගාත්‍රා තමන්ගේ නියමිත ප්‍රමාණයට පත් වීම සඳහා දිගු කලක් ගනියි.

පිටේ සහ හිසේ ඉහලම කොටස හැරෙන විට, බිළින්දාගේ මුලු ශරීරය සැහැල්ලු ස්පර්ශවලට ප්‍රතිචාර දක්වයි.

ලිංගික පදනම් වු සංවර්ධනයේ වෙනසකම් ප්‍රථම වරට දක්නට ලැබේ. උදාහරණ වශයෙන්, ගැහැණු කලලරූප පිරිමින්ට වඩා නිතරම හකු සැලවීම පෙන්වාලයි.

ඉහත දක්වන ලද ඇදගැනිමේ ප්‍රතිචාරයට විරුද්ධව, මුඛය අසල ක්‍රියාත්මක වීම බලවත් වන අතර මුඛය විවර කිරිමේ උනන්දුව වැඩි ලරලයි. මෙම ප්‍රතිචාරයට වි  rooting reflex යනුවෙන් හැඳින්වෙන අතර,. එය උපතින් පසුවද පවතින මෙන්ම මව්කිරී පොවනු ලබන කාලයතුල මවගේ තණපුඩු සොයා ගැනීමට අලුතින් උපන් බිළින්දාට උදව් කරයි.

මුහුණ මොරන්නට පටන් ගන්නා අතර කම්මුලෙ සාරය තැන්පත් වීමට පටන් ගැනිමෙන් දත්වල වර්ධනය වීම පටන් ගනියි.

සතී 15කදී, රුධීර උත්පාදක ශාඛා ශෛලින් පැමිණෙන අතර ඇට මිදුලුවල ප්‍රමාණය වැඩි කරලයි. රුධීර ශෛල උත්පාදනය බොහොසෙයින් මෙහිදී සිදු වේ.

සති 6යේ කලලරූපය චලනය වීමට පටන් ගත්තද ගර්භනී කාන්තාවක් තම කලලරුවේ චලනය සති 14 සිට 18 අතර දැන ගනි. පාරම්පාරික වශයෙන්,මෙම සිද්ධිය ඉක්මන් කිරීමක් ලෙස හැඳින්වේ.

Chapter 41   4 to 5 Months (16 to 20 Weeks): Stress Response, Vernix Caseosa, Circadian Rhythms

සති 16කදී, කලලරූපයෙ උදරය තුල ඉදිකටුවක් ප්‍රවිෂ්ඨ කිරිමේ පියවරය තුලින් අණුකමය අසහනකාරී ප්‍රතිචාරයක් ඇතිවන අතර මොරාඩ්‍රෙනලයින් හෝ නෝපිනෙප්‍රයින් නම් පදාර්ථය රුධීරයට නිකුත් කරයි. මෙවැනි ආක්‍රමණකාරී පියවරයන්ට බිළින්දා හා වැඩිහිටියා එකසේ ප්‍රතිචාර දක්වයි.

ශ්වාසනළ පද්ධතීයේ, ශ්වසන ග්‍රන්ථී වෘක්ෂය දැන් පරීපූර්ණ බවට පත් වීමට යයි.

vernix caseosa, නමින් හැඳින්වෙන ශ්වේත පදාර්ථයක් දැන් කලලරූපය වසාලයි. වර්නික්ස් Vernix ඇමියොටික් දියරය මඟින් ඇති කරන කැසිලි ගතියෙන් සම ආරක්ෂා කරලයි.

සති 19 සිට කලලරූපයේ චලන, හුස්ම ගැනිමේ ක්‍රියා, සහ හෘදය වස්තුවේ අනුපාතය circadian rhythms යනුවෙන් හැඳින්වෙනදෛනික චරියාව අනුගමනය කිරිමට පටන් ගනියි.

Chapter 42   5 to 6 Months (20 to 24 Weeks): Responds to Sound; Hair and Skin; Age of Viability

සති 20ක් තුලදී කොහ්ලියා හෙවත් ශ්‍රවන ඉන්ද්‍රිය, සම්පූර්ණයෙන් වර්ධනය වු අභ්‍යන්තර කණ ලෙස වැඩිහිටියෙකුගේ ප්‍රමාණයට පත්වේ. මින් ඉදිරියට, කලලරූපය වර්ධනය වන ශබ්දවලට ප්‍රතිචාර දක්වනු ඇත.

හිසින් පහල කොටසට ද කෙස් වැවීමට පටන් ගනියි.

සෑම චර්ම ස්තර සහ නිර්මිතයන්, කෙස්වල කුහර ඇතුලු ග්‍රන්ථීන් දක්නට ලැබෙනු ඇත.

ගැබ්ගැනිමෙන් සති 21 සිට 22 අතර, පෙණහල්ලට සුලු වශයෙන් හුස්ම ගැනිම කළ හැකිය. ගර්භයෙන් පිට ජීවත් වීමට සමහර කලලරූපවලට හැකි වන බැවින් මෙය ජීවත් වීමේ කාලය හැටියට හඳුන්වනු ලැබේ. වෛද්‍ය විද්‍යාවේ දියුණුවේ සාර්ථකත්වය නිසා මේරීමට පෙර ඉපදෙන බිළින්දාන්ගේ ජීවිත ආරක්ෂා කිරිමට හැකි වී ඇත.

Chapter 43   6 to 7 Months (24 to 28 Weeks): Blink-Startle; Pupils Respond to Light; Smell and Taste

සති 24ක් තුල බිළින්දා අක්ෂීකුප විවර කිරිමට පටන් ගන්නා අතර ඇස් පිල්ලම් ගැසීමක් ද පෙන්නුම් කරයි. හදිස්සියෙන් ඇසෙන බර හඞවලට ප්‍රතිචාර දැක්වීමට ගැහැණු බිළින්දා තුල වේලාසනින්ම වර්ධනය වේ.

එසේ ප්‍රතිචාර දැක්වීම බොහෝ විට බිළින්දාගේ සෞඛ්‍යයට බලපාන බවට ගවේශකයෝ සොයාගෙන ඇත. ඉක්මන් ප්‍රතිඵල අතර දිග් ගැසෙන හෘද ස්පන්දන පරතර, කලලරූපය අධික ලෙස හීන වීම සහ හැසිරීම්වල හදිසි වෙනස් වීමක් ඇති වේ. දිර්ඝ කාලින ප්‍රතිඵල හැටියට ශ්‍රවන ශක්තිය අහිමි වී යා හැකිය.

කලලරූපයේ ශ්වාසන අනුපාතය ඉහල යන අතර විණාඩියකට ආශ්වාස ප්‍රාශ්වාස අනුපාතය 44 දක්වා ඉහල යනු ඇත.

ගර්භනීබවේ තෙවන තෘතීය වාරයතුල කලලරූපය භාවිතා කරන බලශක්තියට වඩා වේගයෙන් වර්ධනය වන මොළය 50% තරම් බලශක්ති පරිභෝජනය කරයි. මොළයේ බර 400 සිට 500% දක්වා ඉහල යයි.

සති 26ක් තුලදී අක්ෂීවල කඳුලු උත්පාදනය වේ.

ඇසේ කලු ඉංගිරියාව සතී 27 ක් ඇතුලත ආලෝකමත් වීමට පටන් ගනියි. මෙම ප්‍රතිචාරය කාචය වෙත ළඟා වන ආලෝක ප්‍රමාණය ජීවිතය පුරා ක්‍රමවත් කරලයි.

ගන්ධ දැනීම සඳහා අවශ්‍ය සියලුම කොටස් සක්‍රියාත්මක බවට පත් වෙයි. නොමේරුණු බිළින්ඳුන් ගැබ් ගැනිමෙන් සතී 26කට පෙර ගන්ධ සුවඳ දැනගැනිමට හැකි බවට පරීක්ෂණවලින් හෙලී වී ඇත.

අමියොටික් දියරයේ පැනි රස ද්‍රව්‍යයක් තැබිමෙන් කලලරූපයෙ හීන වීමේ අනුපාතය වැඩි කරලයි. ඊට ප්‍රති විරුද්ධව, කලලරූපය හීන වීම තුලින් තිත්ත ද්‍රව්‍යයක හඳුන්වා දීමක් කරලයි. වෙනස් කරනු ලැබු මුහුණේ ප්‍රකාශණ නිතරම දක්නට ලැබේ.

ගමන් කිරීමට හා සමාන පියවර මැනීම් වැනි චලන මඟින් කලලරූපය උඩ පැනීම් වැනි දේ සිදු කරයි.

සම යට අතිරේක වශයෙන් සාරය එකතු වන බැවින් බිළින්දා අඩුවෙන් රැළි ගැසෙන බවට පෙනෙයි. සාරය උපතින් පසු බලශක්ති රැස් කර තැබිම සඳහා විශේෂ මෙහෙයක් ඉටු කරලයි.

Chapter 44   7 to 8 Months (28 to 32 Weeks): Sound Discrimination, Behavioral States

සතී 28කින් කලලරූපයට ඉහල සහ පහල ස්වරයේ ශබ්ද වෙන් වෙන් වශයෙන් හැඳිනාගත හැකිය.

සති 30කින්, හුස්ම ගැනිමේ ක්‍රියාදාමය වඩාත් පොදු වන අතර සාමාන්‍ය බිළින්දා මෙන් 30 සිට 40% වරක් සිදු වෙයි.

ගර්භනී අවස්ථාවේ මාස 4ක කාලය තුල, කලලරූපය සහයෝගයෙන් කළ හැකි කටයුතු කිරිමේ කාලයක් පෙන්නුම් කරන අතර විශ්‍රාම ගත යුතු කාලය ද යොදා ගනියි. මෙවැනි හැසිරීම් අවස්ථාවන් කේන්ද්‍රි නහර පද්ධතියේ වර්ධනය වන සංකීර්ණභාවය පෙන්නුම් කරලයි.

Chapter 45   8 to 9 Months (32 to 36 Weeks): Alveoli Formation, Firm Grasp, Taste Preferences

දල වශයෙන් සතී 32ක් තුල, සත්‍ය අල්වෙයොලි නැතිනම් සුළං “පොකැට්ටු” ශෛල පෙණහලුතුල වර්ධනය වීමට පටන් ගනියි. ඒවා උපතින් පසු වසර 8ක් තිස්සේ දිගටම සෑදෙනු ඇත.

සතී 35කදී බිළින්දාට ස්ථීර ලෙස අතින් ඇල්ලීමක් කළ හැක.

විවිධ ද්‍රව්‍යයන් වෙත කලලරූපය යොමු කිරිම නිසා උපතින් පසු රස පිළිබඳ තෝරා ගැනීමක් දක්නට ලැබේ. උදාහරණයක් වශයෙන්, බිළින්දාගේ මව ලිකොරයිස් licorice රස ගෙන දෙන අසමෝදගම් අනුභව කර ඇත් නම්, බිළින්දා ද උපතින් පසු එවැනිම රස ගැන උනන්දු වනු ඇත. කලලරූපී සමයේ යොමු කරනු නොලැබු අලුතින් ඉපදෙන අය අසමෝදගම් අකැමැති වනු ඇත.

Chapter 46   9 Months to Birth (36 Weeks through Birth)

කලලරූපය estrogen එස්ට්‍රොජන් නමින් හැඳින්වෙන හෝමන් විශාල ප්‍රමාණයක් නිකුත් කරමින් වැඩ ආරම්භ කරන අතර, මේ අයුරින් කලලරූපයේ සිට නව උපන් බිළින්දා බවට පරිවර්තනය වේ.

ශ්‍රමය බලගතු ලෙස ගර්භාෂය පලල් වීමේදීම ආරම්භ වන අතර එහි ප්‍රතිඵලය දරු උපත වේ.

ගැබ්ගැනිමේ සිට උපත සිටත් එහා මානව වර්ධනය වේගවත් මෙන් දිගටම පවති, සහ සංකීර්ණ වේ. මෙම සිත්ගන්නාසුලු පියවරය ගැන නව සොයාගැනිීම් මගින් බිළින්දාගේ යාව ජීව සෞඛ්‍යමය සංවර්ධනය සඳහා වැඩියෙන්ම අවශ්‍ය බලපෑම පෙන්නුම් කරලයි.

වේලාසනින් මානව සංවර්ධනය ගැන අපගේ දැනුම ඉදිරියට යන අතරම, උපතට පෙර සහ පසුවත් සෞඛ්‍යය පිළිබඳ හැකියාව අත්පත් කර ගත හැකිය.


Add a Comment

Your Name: Log In 3rd-party login: Facebook     Google     Yahoo

Comment: